| The Church of Our Lady of the Gate of the Heaven in Lisbon |
දිනපතා උදේ මා අත ඇති මාර්ග සිතියමේ ගමනාන්ත
සළකුණු කර දෙන ඇය යායුතු මෙට්රෝ දුම්රිය, බස් මාර්ග අංක , ලිපිනයන් ආදී සියල්ල
සපයා දෙයි. ඇතැම් කවුතුකාගාර වලට දුරකතනයෙන් කතා කරන ඇය ඒවා විවෘත කර තබන වේලාවන්
ආදී සියල්ල මට ලබාදෙයි. මා ශ්‍රී ලංකාවේ බව දන්නා ඇය පළමු දිනයේ ම මගෙන් ඇසුවේ ‘
ඇයි ඔබ ලංකාවේ බ්ලැක් ප්‍රින්ස් ගෙ දේවස්ථානය බලන්න යන්නේ නැද්ද ‘ කියාය. එහි
යනතුරු මා සිතට ඇති වූයේ අපමණ කුතුහලයකි.
ඒ සදහා වූ දිනය උදාවිය. නවාතැන අසලින් වූ මෙට්රෝ
පළින් තෙල්හයිරාස් මෙට්රෝ පළ ට පිටත් වූ මා ඩැනියෙල්ගේ මග පෙන්වීමෙන් දුම්රිය
පළින් බැස එළියට පැමිණි වහාම වම්පස ඉහල අහස බැලීමි. සැනෙකින් නෙත ගැටුනු දේවස්ථාන
මුදුන මා සොයා ආ තැන බව පසක් කර ගතිමි. එය සීතල හැන්දෑවකි. සෙමෙන් සෙමෙන්
දේවස්ථානය අසලට ගිය මා දුටුවේ දේවගැති පියතුමෙකු තවත් අයෙකු හා කතා කරමින් එහි
දොරකඩ සිටිනු අයුරුය. මා ඔහු අසලින් ඈත්ව සිටගත්තෙමි. අමුත්තා ගිය පසු පියතුමා මා
දෙස බලා ‘ ඇයි‘ යනුවෙන් විමසීය. මා ශ්‍රී ලංකාවේ සිට පැමිණියෙක්මි යි කියනවාත්
සමගම “ ඕ... ප්‍රින්ස් ඹෆ් කැන්ඩියන්...“ යයි කෑ ගසමින් මා සාදරයෙන් පිළිගත්තේ කලක
සිට දැන හදුනාගත්තෙකු ලෙසයි. එතැන් සිට
ඔහු මා හා ඉතා කුළුපග ලෙසින් මහනුවර රජුගේ ලිස්බන් වෘතාන්තය පහදා දුනි.
| Father Octavio explaining the story of Black Prince of Kandy |
මෙම දේවස්ථානයේ උපත පිළිබද සුලමුල ඇරඹෙන්නේ කි‍්‍ර.ව. 1592 ශ්‍රී ලංකාවේ කන්ද උඩරටිනි.
එකල
උඩරට සිටි කරලියද්දේ රජු,
රාජසිංහ
රජුගේ අඩන්තේට්ටම් ඉවසනු නොහැකිව පෘතුගීසින් වෙත පලා ගියේ තම සිගිති දියණිය ඇතුළු
තවත් පිරිසක්ද කැටුවය. ඔහුගේ දියණිය කන්ද උඩරට රාජධානියේ එකම උරුමක්කාරිය වූ
කුසුමාසන දේවිය නම් වූවාය. පෘතුගීසි
ජාතිකයන් යටතේ හැදී වැඩුනු ඇය කි‍්‍රස්තු භක්තික කාන්තාවක වූවාට පසු “ දෝන කතිරිනා
“ ලෙසින් යළි නම් කරනු ලැබුවාය. ඔවුන් ඇයව
බොහෝ රැකවරණය ඇතිව ඇති දැඩි කළේ ඇයට තිබෙන ලෙන්ගතුකම නිසා නොව කන්ද උඩරට රාජධානිය
කෙරෙහි ඇති ලොල් බව නිසාය. කුඩා කල සිටම ඇය බොහෝ මානසික දුක් පීඩාවන්ට ගොදුරු
වූවාය.
ඇයගේ
පියාගේ ඇවෑමෙන් ඇගේ භාරකාරත්වය පැවරී තිබුණේ ඇයගේ ලේ නෑයෙකු වූ දොන් පිලිප්
යමසිංහයන්ටය. කතිරිනා කුමරිය තවමත් කුඩා දැරියක වූ බැවින් 1592
දී පෘතුගීසි ජාතිකයන්ගේ සහාය ඇතිව මහනුවර රජ වූයේ දොන් පිලිප් යමසිංහ
කුමරුවන්ය. ඔහුගේ දොළොස් හැවිරිදි පුත් දොන් ජුආවෝ ඔහුගෙන් පසුව සිහසුනට
හිමිකම් කීය.
| Father Octavio da Gama and Me |
තම
පියාගේ මරණින් පසු අසරණ වන කුඩා දොන් ජුආවෝ කුමරු රහසේම කොළඹට පළා විත් පෘතුගීසීන්ගේ
රැකවරණය මධ්‍යයේ ජීවත් විය. ඉගෙනීමට උපන් හපන්කම් ඇති මේ කුමරුවාට පෘතුගීසීන්
අභිබවා යන තරමට පෘතුගීසි භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබුණි. ඔහු මෙන්ම ඉගෙනීමට
දක්ෂ තවත් කුමරෙක් කොළඹ කොටුවේදී දොන් ජුආවෝට මුණ ගැසුණි. ඒ අන් අයෙකු නොව සීතාවක
රාජධානියේ පළමුවන රාජසිංහයන්ගෙන් පසු සිහසුනට උරුමක්කාරයාවූ නිකපිටියේ බන්ඩාරයන්ය.
| Part of the Old Church which was built by Dom Juao- Black Prince |
නිකපිටියේ
බන්ඩාර සමග නැව් නැගි දොන් ජුආවෝ කුමරුන්ගේ බලාපොරොත්තුව වූයේ ඉගෙනීමේ කටයුතු
අවසන් කොට ලංකාවට පැමිණ කන්ද උඩරට තම අයිතිය ලබා ගැනී මටය. නමුත් ගෝවේ අවුරුදු
පහළොවක් ඉගෙනීමේ යෙදී සිටියදී දොන් ජුආවෝ කුමරුන්ගේ සිත ක‍්‍රමයෙන් ලෞකික ආශාවන්ගෙන්
ඈත්ව පූජකයෙකු වීමේ අරමුණ කරා යොමු වන්නට විය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාම
පෘතුගාලයේ රජුගේ අණ පරිදි ලිස්බන් නුවරට ගෙන්වා එරට ඉතා උසස්ම සරසවිය වූ
කොයිම්බ්රා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන ලදි.
පැරණි
ලේඛන වලට අනුව එදා ඒ නුවර වැසියන් මේ කුමාරවරුන් දෙපළ ඉතා ආදරයෙන් හා හරසරින්
පිළිගෙන තිබේ. රාජකීය අමුත්තන්ට හිමි සියලූ සත්කාර හා වරප‍්‍රසාද මොවුන් දෙදෙනාටද
හිමි විය. නමුත් මේ අතර දොන් ජුආවෝගේ ජීවිතයේ තවත් දුක්බර අවස්ථාවක් පැමිණියේය.
එනම් තමාගේ සෙවනැල්ල මෙන් සිටි නිකපිටියේ බණ්ඩාර ඉතා තදබල ලෙස රෝගාතුර වී මිය
යාමය. ඒ 1611
දිය.
නිකපිටියේ
කුමරුන්ගේ මරණින් බලවත් සිත් තැවුලට පත් දොන් ජු ආවෝ කොයිම්බ්රා සරසවියේ ඉගෙනීම
අත්හැර දමා ලිස්බන් නුවරම නැවතුණි. 1611 නොවැ. 26
වැනි දින ඔහු පූජක වරප‍්‍රසාද ලැබුවේය. එතැන් පටන් ඔහුගේ වාසස්ථානය බවට පත් වන්නේ Moorish
Quarte හි
පිහිටි මාලිගයකි. පසුව රජුගේ අණින් විශේෂ වැටුපක් ලෙස ඔහුට කෲසෝ 4000
ක් ගෙවූ අතර එහිදී මහනුවර රජු වශයෙන් ඔහුව පිළිගැනීමද සිදුවිය. මීට අමතරව ආගමික
නායකයින් වූ බිෂොප්වරුන් සමග එකට අසුන් ගැනීමේ වරප‍්‍රසාදයද ඔහුට හිමි විය.
| Inside the Chapel |
එවකට
පෘතුගාලයද ස්පාඤ්ඤයේම කොටසක් වූ බැවින් 1626 දී වැටුප්
පිළිබදව කතා කිරීමට ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරට ගොස් එහි රජතුමා බැහැදැකීමේ අවස්ථාවද
ඔහුට උදාවිය. පෞද්ගලිකවම 1
පිලිප් රජු හමුවී කන්ද උඩරට රාජ්‍ය සදහා තමන්ට ඇති අයිතියද පිලිප් රජුට පැවරුවේය.
එමෙන්ම ඒ වන විට ඔහුට ලැබුණු දීමනාව ප‍්‍රමාණවත් නොවන බව දැනුම් දීම නිසා එය කෲසෝ 8000ක්
දක්වා වැඩිකර ඔහුව ස්පාඤ්ඤයේ ග‍්‍රැන්ඞී තනතුරට පත් කළේය.
පසුව
Telheiras
වෙත
ගිය ඔහු තමන්ගේ ඉඩමේ පල්ලියක් හා පූජකාරාමයක් ඉදිකි-රීමට කටයුතු කළේය. එය ”නාස්සා
සෙන් හෝරා ඩා පෝටා ඩි සියෝ”
(මෙහි
ඉංගී‍්‍රසි අර්ථය Our
Lady of Heaven’s door හෙවත් ස්වර්ගයේ වැඩ වසන දේව
මාතාවන් වෙනුවෙන් නම් කළේය. 1639 ඔක්. 20
වන දින ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ප‍්‍රැන්සිස්කානු පූජකවරුනට එය භාර දී
දේවස්ථානයට ආසන්නයේ ඇති උද්‍යානයක්ද පරිත්‍යාග කර තමන්ට ලැබෙන මුදලින් කෲසෝද 1000
ද ඊට ලැබෙන්නට සැලැසුවේය.
Moorish
Quarte හි
තිබුණ නිවහනේ ජීවත්වූ දොන් ජුආවෝ එහිදී සුසානා ද ආබෲ නම් කාන්තාව සමග ජීවත් වූ බව
කියැවේ. ඒ සම්බන්ධය නිසා ඔහුට දාව සුසානා 1634 දී ගැහැණු
දරුවෙකු බිහි කළාය. ඇය මාරියා ඇන්ටෝනියා නම් වූ අතර පසුව ඇය කන්‍යා සොයුරියක් වූ
බව දැක්වේ.
වසර
64ක්
පමණ ජීවත් වූ දොන් ජු ආවෝ පෘතුගාල වැසියන් විසින් හදුන්වන ලද්දේ Black
Prince යන
නමිනි. ඔහු මියගියේ 1642
අපේ‍්‍රල් 01
වෙනිදා Moorish
Quarte හි
නිවහනේදීය. එතෙක් ඔහු විසින් සාදන ලද දේවස්ථානයේ බැතිමතුන් දහස් ගණනකට ඔහු විසින්
දේව මෙහෙයන් පවත්වා ඇත. ඔහුගේ ඉල්ලීමකට අනුව ඔහුගේ මෘත දේහය තැන්පත් කරනු ලැබුවේද
මේ දේවස්ථානයේමය. පසු කාලයක එය කඩා විනාශ කොට ඇත. නමුත් මේ සොහොනේ තිබූ පාෂාණමය
කොටස් 2ක්
ලිස්බන්හි ඇති කාර්මෝ පුරා විද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා තිබේ.
1708
දී
පූජකවරු විසින් දොන් ජුආවෝ මිහිදන් කළ ස්ථානයේ කැණීම් කොට අස්ථි කොටස් කිහිපයක්
සොයාගෙන ඒවා ගෞරවයෙන් යුතුව දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඩ වලින් නිර්මිත
සොහොන් ගැබක තැන්පත් කරණ ලදි. එහි පහත සදහන් වැකිය සටහන් කොට ඇත.
| එම ශරීර කොටස් තැන්පත් කර ඇති ස්ථානය |
“fuisacram
hanc Mariae Principis ossa septiantur”(මෙහි වලදමා
ඇත්තේ මරියතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය)
අදටත් මේ දේවස්ථානයට රොක්වන බැතිමතුන් තම ගීතිකා මගින් ඒ පි‍්‍රන්සිපි නිග්‍රෝ
(කළුකුමාරයාණෙනි) යන වදන් ඇතුළත් කොට ජු ආවෝට ඔවුනගේ භක්ති ප‍්‍රණාමය පුදති. එසේම
දේවස්ථානයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව අභියස ආරුක්කුවේ මෙම වැකිය ගලින් කොටා ඇත.
”මෙම
දේවස්ථානය මහනුවර කුමාරයා විසින් සාදන ලදී”
හැන්දෑ කළුවර පහත් වන සිහිතලක නැවතත් ඔක්ටාවියෝ
ඩි ගාමා (OCTAVIO de
GAMA ) පියතුමාගෙන් සමුගතිමි.
( සිංහල තොරතුරු අන්තර්ජාල උපකාරයෙන් ලබා ගතිමි.)
No comments:
Post a Comment